Header Ads

Breaking News
recent

කොරෝනා මල සිරුරු අවසන් කටයුතු ගැන මාර්ගෝපදේශ සැකසේ.. අවම හානියක් වන ලෙස කරන්න සූදානම්.. තීන්දුව චක‍්‍රලේඛයකින්..

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් සඳහා අවසන් කටයුතු සිදු කරන ආකාරය ගැන මාර්ගෝපදේශ මාලාවක් මේ දිනවල සකස් කරමින් පවති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

කොරෝනා මාත දේහ අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ගත් තීරණයක් මෙතෙක් ලැබී නැතැයි ද ඔහු පැවසීය.

විශේෂඥ කමිටුවේ මතය අනුව ගන්නා ලද තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඔහුගේ අත්සනින් චක්‍රලේඛයක් ලෙස නිකුත් කරනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අවම හානියකින් යුතුව මෙම කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යයක් බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

No comments:

Powered by Blogger.