Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් මියගිය විදෙස් ලාංකිකයින්ගේ වන්දි කෝ ?

කොවිඩ් ආසාදනය වී මරණයට පත් වූ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් සියයකට ආසන්න පිරිසකගේ රක්ෂණ වන්දි යැපෙන්නන්ට ලබාදීමට අවශ්‍යවන ලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් අදාළ රක්ෂණ සමාගම වෙත යවා නැති බව වාර්තා වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්‍රමිකයකුට රුපියල් ලක්ෂ පහක රක්ෂණ වන්දියක් ගෙවනු ලබබ අතර ඒ අනුව කොරෝනා වැලඳී මියගිය සියයකට ආසන්න ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් කෝටි පහක පමණ රක්ෂණ වන්දි මුදලක් ලැබීමට නියමිතව ඇති බවද පැවසේ.

එමෙන්ම රටවල් දෙකකදී කොරෝනා වැලඳී මියගිය ලාංකිකයින් දෙදෙනකුට  මැයි – ජුනි මාසවලදී ලැබුණු රුපියල් ලක්ෂ පනහකට ආසන්න රක්ෂණ වන්දි මුදල මේ වන තෙක් ගෙවා නැති බවද වැඩිදුරටත් වාර්තා වේ.


No comments:

Powered by Blogger.