Header Ads

Breaking News
recent

ජිනීවා යෝජනා සම්මතයත් සමග ලංකාව ගැන සෙවීම අරඹයි: 12 දෙනකු පත්කර ගනී: ඩොලර් මිලියන 3ක් වෙන්කරයි

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත සම්මත කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයාගේ කාර්යාලය (OHCHR) වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ කටයුතු සමීපව අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ආවේක්ෂණ ක්‍රියාවලිය සදහා දැනට සිටින කාර්ය මණ්ඩලයට අමතරව අතිරේක නිලධාරීන් 12 දෙනකු බදවා ගැනීමටද යෝජනා වී තිබේ.

එම පිරිසට අන්තර්ජාතික අපරාධ යුක්තිය පිළිබඳ අත්දැකීම් ඇති නීති උපදේශකයින් සහ කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සහ තොරතුරු හා සාක්ෂි එකතු කිරීමේ උපාය මාර්ග අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන්, අපරාධ පරීක්ෂණ සහ නඩු පැවරීම්, විශ්ලේෂකයින්, විමර්ශකයින් දෙදෙනෙකු / මානව හිමිකම් නිලධාරීන් සහ වින්දිත සහායක නිලධාරීන් ඇතුළත් වනු ඇති බව වාර්තා වේ.

එමෙන්ම අදාළ ක්‍රියාවලිය සදහා අමෙරිකානු ඩොලර් මිලියන 2.856ක මුදලක් සම්මත කර ගැනීමටද සැලසුම් කර ඇත.

කෙසේවෙතත් මෙම යෝජනාව හරහා ශ්‍රී ලංකාවට ක්ෂණික බලපෑමක් ඇති නොකරනු ඇති නමුත් දීර්ඝකාලීනව බලපෑම් එල්ල විය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අගවා තිබේ.

ඇතැම් විට සමහර රටවල් සමඟ වෙළඳාමට බලපෑමක් ඇති විය හැකි බවත්, යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස සමහර නිලධාරීන්ට සංචාරක සීමා පැනවිය හැකි බවත් ආරංචි මාර්ග පවසයි.


No comments:

Powered by Blogger.