Header Ads

Breaking News
recent

මිලියන 20ක් අතුරින් 11 දෙනෙකු ලෙස තේරී පත්වීම අසීරුයි : අනෙක් අයට කැලලක් නොවන සේ කටයුතු කරන්න - කුසල් මෙන්ඩිස්ට අධිකරණයේදී දැඩි අවවාද

ම හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන ලෙසත්, මිලියන 20ක් ජනතාවක් අතරින් එකලොස් දෙනෙකු ලෙස තේරී පත්වීමට ඉතා අමාරු බවත්, අනෙක් අයට කැලලක් නොවන ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට අද දිනයේදී පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා තරයේ අවවාද කර සිටියා.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී පුද්ගලයකු රිය අනතුරට ලක් කර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහි නඩුව අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙලෙස සඳහන් කර සිටියා.

විත්තිකාර කුසල් මෙන්ඩිස් හට තරයේ අවවාද කර රුපියල් පනස්දාහක ඇප මුදලකට යටත්ව රියදුරු බලපත්‍රය නිදහස් කිරීමට නියෝග කළ පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී කටයුතු කරන මෙන් ද පරෙස්සමෙන් රිය පදවන ලෙසටද අවවාද කර සිටියා.
 
නඩුව ලබන සැප්තැම්බර් 29 යළි විභාගයට ගැනීමට නියමිත අතර අගතියට පත් පාර්ශවයට වන්දි මුදලක් අවශ්‍ය නම් නඩුවක් ගොනු කරලා ලෙසත් නීති සහය සඳහා නීති ආධාර සහය ලබා ගත හැකි බවටද මෙහිදී අගතියට පත්වූ පාර්ශවයට මහේස්ත්‍රාත්තුමා අධිකරණයේදී දැනුම් දී සිටියා.


No comments:

Powered by Blogger.