ගම්මන්පිලගේ මුදල් වංචා නඩුව අප්‍රේල් 30 විභාගයට
ව්‍යාජ අත්සනක් යොදා සකස් කළ ඇටෝර්නි බලපත්‍ර මගින් ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩ්රික්ගේ අයත් සමාගමක කොටස් නීතිවිරෝධීව විකුණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කළ බවට වත්මන් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ වැඩිදුර විභාග අප්‍රේල් 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ නියම කර තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩ්රික් 2015 අගොස්තු මස 02 වැනිදා පොලිස් විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා හතරක් විත්තිකරුවනට එරෙහිව චෝදනා නඟා ඇත.
No comments: