Header Ads

Breaking News
recent

මූල්‍ය අරමුදලට රට බිලිදුන්හැටි කබ්රාල් හෙළි කරයි

 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ණය පහසුකම් විශාල වශයෙන් 2009 සිට ලබා ගැනීමට පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු අධිපති වශයෙන් තමන් සමත් වූ බව වර්තමාන මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් හෙලි කර තිබේ.

2009 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් කෝටි 250ක ණය ලබා ගැනීමෙන් මෙම තත්වය ආරම්භ වූ බව 21 වෙනි ඉරිදා සිළුමිණ පුවත්පතට රාජ්‍ය ඇමතිවරයා හෙළි කර ඇත. ඔහු ඒ සම්බන්ධයෙන් පුවත්පතට කර තිබූ ප්‍රකාශය මෙසේය.

“අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2009දී මේ රටට ලැබුණු විශාලතම සමීපස්ත ණය මුදල වන ඩොලර් බිලියන 2.5ක මුදල ලබා ගැනීමට අවශ්‍ය සියලු ශක්‍යතාවයන් පෙන්වූ අත්දැකීම් ඇති පිරිසක්. ඒ නිසා අපට IMF සමග ගනුදෙනු කරන ආකාරය විපක්ෂයේ කිසිවෙක් අමුතුවෙන් කියාදියයුතු නැහැ.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

2009 සිට 2014 අවසන් වනවිට මෙරට මුළු විදේශ ණය බර දෙගුණයකට ආසන්න මුදලකින් වසර 05ක් තුළදී වැඩිවී තිබේ. විදේශ ණය ලබාගැනීම ආරම්භයේ සිට 2009 දක්වා දශක 06ක් පුරා ලබාගෙන තිබුණු මුළු විදේශීය ණය ප්‍රමාණය කෝටි එක්ලක්ෂ හැත්තෑ හය දහස් හතලිස් හතකි (රු. කෝටි 176,047). එය 2014 වර්ශය අවසන් වනවිට රුපියල් කෝටි තුන්ලක්ෂ එකොලොස්දහස් තුන්සිය දොලහක් (රු. කෝටි 311,312) දක්වා වසර පහක් තුළදී දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

-lankatruth

No comments:

Powered by Blogger.