Header Ads

Breaking News
recent

අරුන්දික ඉදිරියේ දන නොනැමූ සහකාර පොලිස් අධිකාරීවරයාට හදිසි මාරුවක් !

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට හදිසි මාරුවක් ලබාදී ඇත. මෙම මාරුව  දේශපාලන බලපෑමක් මත සිදුකෙරුණ මාරුවක් බව ජනතාවගේ අදහසයි. පසුගිය කාලයේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ හෙරොයින්, ගංජා, නීති විරෝධී මත්පැන්, මර්ධනය ඇතුළුව   මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වූ වැලි සහ මැටි කැපීමේ ජාවාරම පාලනය කිරීමට  සහකාර පොලිස් අධිකාරීවරයාගේ  මැදිහත්වීම තිබුණ බව  ප්‍රකට කරුණකි. 
මෙම හදිසි මාරුව පිටුපස  පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු  සිටින බවද මේ වන විට නොරහසකි.   මෙම රාජ්‍ය අමාත්‍යවරයා  පිළිබදව අනුමාන කළ හැකි හේතු කීපයක්ද පසුගිය කාලයේ සිදුවී ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේදී වෙන්නප්පුව සංවර්ධන කමිටුව පැවැත්වුණ අවස්ථාවකදී  මත්පැන් ජවාරම්කරුවන් සම්බන්ධයෙන් සිදුකරන අත්අඩංගුවට ගැනීම් පිලිබදව අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා  විසින් ඉහල පොලිස් නිලධාරියෙකුගෙන් විමසා තිබුණේ  කසිප්පු බෝතලයක් දෙකක් විකුණන පොඩි මිනිසුන් අත්අඩංගුවට නොගෙන මුදලාලිලා අත්අඩංගුවට ගැනීමට නොහැකිද යන්නයි. එහිදී එම උසස් පොලිස් නිලධාරියා පිළිතුරු දී තිබුණේ නීති විරෝධී ජාවාරම් ලොකු මිනිහා කළත් පොඩි මිනිහා කළත් වැරැද්ද වැරද්දමයි යනුවෙනි. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය කාලයේ  මත්පැන් ඡාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසියට බලපෑම් කර තිබුණ බව ප්‍රසිද්ධ කරුණකි.

උපුටා ගැනීම - wayambatoday


No comments:

Powered by Blogger.