Header Ads

Breaking News
recent

විමල්ගේ සිගරැට් ගැහිල්ලෙන් ලංකාවට ලැබුණු ලෝක ආධාරයක් නවතී !

ර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෑතකදී කුරුඳු සිගරට්ටුවක් උරමින් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක පෙනී සිටීමත් සමග ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දෙන අරමුදල් නැවැත්වීමේ අවදානමක් මතුව ඇත.

මේ දක්වා රටවල් 60කට එම සංවිධානය මගින් අදාළ අරමුදල් සැපයුණු නමුත් මෙවර ඉන් රටවල් 15ක් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර මෙවරකට එම සංවිධානය මගින් අදාළ අරමුදල් සැපයුණු නමුත් මෙවර ඉන් රටවල් 15ක් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර මෙවර ලංකාවද ඊට ඇතුළත් කෙරෙනු ඇති බව පැවසේ.

දුම්කොළ පාලනය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශයක් වූ නමුත් මෙම නීතිවිරෝධී සිගරට් ප්‍රවර්ධනය හේතුවෙන් සියල්ල මේ වනවිට වෙනස් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ FCTC 2030 ව්‍යාපෘතිය හරහා දුම්කොළ පාලනය ශක්තිමත් කිරීම සඳහා රජයේ පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලැබී තිබිණ.

එමෙන්ම ශ්‍රී ලංකාවට වසර හතරක් තිස්සේ දුම්කොළ පාලනය සඳහා අරමුදල් ලැබුණි.

එහි ප්‍රතිපල සැලකිල්ලට ගනිමින් FCTC එය තවත් වසරක් දක්වා දීර්ඝ කිරීමක්ද කළේය.

දේශීයව නිපදවන නිකොටින් රහිත කුරුඳු සිගරට් මාර්තු 17 වන දින හඳුන්වා දුන් අතර එය කර්මාන්ත අමාත්‍යවරයා විසින් ප්‍රවර්ධනය කරනු ලැබීය.


No comments:

Powered by Blogger.