Header Ads

Breaking News
recent

IMF එකගතා අවසන් කරන්න බැරිවුනා - මහ බැංකු අධිපති

පසුගිය ජූලි මාසය අවසානයට පෙර දේශීය ණය ප්රතිව්යුහගත කරන වැඩසටහන අවසන් කිරීමට නොහැකි නොහැකි වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඊට හේතුව විවිධ පාර්ශ්වයන් විසින් වැරදි තොරතුරු මත පදනම්ව එම වැඩසටහනට විරුද්ධව අධිකරනයේ නඩු පැවරීම බවද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා වැඩසටහන ඇතුළත් ඇතැම් එකඟතාවන් ප්‍රමාද වුවත් මේ වන විට ඉටු කර ඇති බවද පැවැතම සඳහන් කළේය.


පසුගිය ජුනි මස තිස් වෙනිදා වන විට ළඟා කරගත යුතුව තිබූ ආදායම් ඉලක්ක ඉහළ නංවා ගැනීමේ ඉලක්කය පමණක් ඉටු කර ගැනීමට තිබෙන බවද පැවසූ ඒ මහතා මුළු එකඟතාවලින් 35%ක ප්‍රමාණයක් ඉටු කර ඇති බවද ඇති බවට සමහර ආර්ථික පර්යේෂණ ආයතනය පවසන්නේ පවසන්නේ වැරදි දත්ත මත බවද සඳහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කර ගැනීමෙන් එම අරමුදල සියයට පනහකින් අඩු වන්නේ යයි ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා එම අරමුදල සෑම වසරකම සියයට 9 කින් වැඩිවන බවද කියා සිටියේය.


No comments:

Powered by Blogger.