Header Ads

Breaking News
recent

මිහින්තලා හිමි පොහොට්ටු අරන් මාධ්‍ය හමුවක... පොහොට්ටුවෙකුට සැරට අමතයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලා ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ සහෝදරයකු විසින් තමන්ට දිගින් දිගටම අපහාස කරමින් සිටින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

අදාළ පුද්ගලයා විසින් පවත්වාගෙන සමාජ ජාලා පිටු ඔස්සේ මෙම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවද උන්වහන්සේ පැවසූහ.

මිහින්තලා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද අතර එම මාධ්‍ය හමුව සඳහා උන්වහන්සේ නෙලුම් පොහොට්ටු දෙකක් ද අතැතිව පැමිණීම විශේෂත්වයකි.

තමන් වහන්සේ මරා දමන බවට බවටත් එසේ නොකරන්න නම් රුපියල් කෝටියක කප්පම් මුදලක් ගෙවන ලෙස තමනට දුරකථන ඇමතුම් මගින්ද දැනුම් දී ඇති බවත් උන්වහන්සේ තවදුරටත් එහිදී කියා සිටියහ.


No comments:

Powered by Blogger.