Header Ads

Breaking News
recent

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයක නීති විරෝධී වකුගඩු ජාවාරම්.. දෙදෙනෙකු මිය ගිහින්

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක ඉන්දීය ජාතිකයන් යොදාගෙන සිදුකරන නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ පිලිබදව පොලිසිය විසින් අධිකරණයට දන්වා ඇත්තේ සංචාරක වීසා වලින් මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන් යොදමින් මෙම ජාවාරම සිදු කරන බවයි.

මෙම පරීක්ෂණ සිදුකරන්නේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බවද පොලිසිය අධිකරණයට සදහන් කළේය.

මෙම පෞද්ගලික රෝහල් තුළ දීර්ඝ කාලයක සිට මෙසේ නීති විරෝධී ලෙස වකුගඩු බද්ධ කිරීම් කර තිබෙන බවද පරීක්ෂණවලදී හෙළි කරගෙන තිබේ.

එලෙස සිදු කරන ලද වකුගඩු බද්ද කිරීම් වලට භාජනය වූ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඒ ගැන විමර්ෂණය කිරීමට පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන ඇත.


No comments:

Powered by Blogger.