Header Ads

Breaking News
recent

විදේශ ලේකම් වැඩේ කෑවා: පොහොට්ටු මූලස්ථානයෙන් දැඩි ප්‍රහාරයක් - (video)

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීමට විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා වගකිව යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විදේශ ලේකම්වරයා පසුගිය කාලයේ සිදු කල ඇතැම් ප්‍රකාශ ඇතැම් රටවල් වලට තීන්දුවට බලපෑ බවයි.

ඇතැම් අවස්ථාවල විදේශ ලේකම්වරයා තමා කාර්යභාරයට හදිසි වැට පනින බවත් ඉන්දියාව නිශ්චිත තීරණයක් ගැනීමට පෙරම විදේශ ලේකම්වරයා ඉන්දියාව සහයෝගෙන් දක්වන බවට ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අත්දැකීම් ඇති රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දන්නා අයකු විදේශ ලේකම් ලෙස පත් කළේ නම් මීට වඩා සාර්ථකත්වයක් අත්කර ගැනීමට තිබූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.


No comments:

Powered by Blogger.