Header Ads

Breaking News
recent

රටම ගොනාට ඇන්දවූ ලිට්රෝ සමාගමට වැඩ වරදී: මිලයි බරයි දෙකම අඩු ගෑස් සිලින්ඩර් ඉවත් කරයි

මෙතෙක් වෙළඳපොලේ පැවති කිලෝග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18ක් අඩංගු නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වය මත එම ගෑස් සිලින්ඩර ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී ඇත.

ඒ නව ගෑස් සිලින්ඩරය හේතුවෙන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවට ප්‍රකාශ වීමත් සමඟය.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ඇතුළත් විය යුතු ලීටර් ප්‍රමාණය 25ක් පමණ වන අතර, නව සිලින්ඩරයෙහි ඇත්තේ ලීටර් 18ක් පමණි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ එම ගෑස් සිලින්ඩරය වහාම වෙළඳපොලෙන් ඉවත් කරගන්නා ලෙසට අදාල ගෑස් සමාගම වෙත දැනුම් දුන් බවයි.

No comments:

Powered by Blogger.