Header Ads

Breaking News
recent

චීන විකිරණ නෞකාවෙන් ඉන්දියාවයි - අමෙරිකාවයි කැළඹෙයි

කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් දැනුවත් නොකොට හිටි හැටියේම හම්බන්තොට වරාජයට ඇතුළු වූ විකිරණශීලී ද්‍රව්‍ය රැගත් චීන නෞකාව මුල්කොටගෙන මේ වන විට ජාත්‍යන්තර ගැටලු රැසක් මතුවෙමින් පවතින බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

ඉන්දියාව සහ ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකොට තිබීමත්, අදාළ නෞකාව සම්බන්ධයෙන් එම රටවල් කලබලයට පත්ව සිටීමත් මේ සඳහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
අදාළ නෞකාවේ විකිරණ ද්‍රව්‍ය තිබීම මුල්කරගෙන ඉන්දීය සාගර කලාපය තුළ න්‍යෂ්ඨික අවදානමක් මතුව තිබීම මේ සඳහා මුල්වී ඇති බව පැවසේ.

විශේෂයෙන්ම හම්බන්තොට වරායට ඇතුළු වන නෞකාවන් පරීක්ෂා කිරීමක් කරන්නේද, චීන නෞකාවන්ට කිසිදු පරීක්ෂාවකින් තොරව ඕනෑම විනාශකාරී ද්‍රව්‍යයක් රැගෙන නිදහසේ හම්බන්තොට වරායට ඇතුළු වීමට හැකියාව තිබෙන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය සහ ඇමෙරිකානු තානාපති ක්ෂේත්‍ර නිලධාරීන් වැඩි අවධානයක් යොමුකොට ඇති බව වාර්තා වේ.

මීට අමතරව මෙවැනි විකිරණ ද්‍රව්‍ය රැගත් නැවක් වරායට ඇතුළු වීමට ප්‍රථම බුද්ධි අංශ විසින් දැනුවත් කර තිබුණේද යන්න පිළිබඳවද මේ වන විට සාකච්ඡාවක් මතුවී තිබේ.

එමෙන්ම විපක්ෂ නායකවරයා මෙම නෞකාව පිළිබඳ පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීමෙන් පසු අදාළ නෞකාව කුමන රටකට ගියේද යන්න සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් දැනගන්නට ඇත.

No comments:

Powered by Blogger.