Header Ads

Breaking News
recent

රිෂාඩ් සහ රියාජ් පාස්කු ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දීලා - සාක්ෂි තිබෙන බව පොලිස් ඇමති කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශනවලින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියජ් බදියුදීන් ස්වයං ඝාතක බෝම්බකරුවන්ට මුදල් උපයා ගැනීම සඳහා ආධාර අනුබල දී ඇති බවට සාක්ෂි  සහිතව අනාවරණය වීම මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එම ප්‍රහාරය ගැන ගොණු 08ක් නීතිපතිවරයා වෙත ලබා දී ඇතත් පොලීසිය සිදුකරන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස වරින් වර මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදුවන බව කිව හැකි බවයි  අමාත්‍යවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියජ් බදියුදීන් රඳවා ප්‍රශ්න කිරීමට අදාළ නියෝගද ලබා ගෙන ඇති බවද  අමාත්‍යවරයා සඳහන් අකරණ ලදී.

-lankanewsweb

No comments:

Powered by Blogger.