Header Ads

Breaking News
recent

අන්තිමට එන්නතත් නෑ, PCRත් නෑ

මෑත කාලයේ දී කොරෝනා වසංගතය සදහා සිදුකළ PCR පරීක්ෂණ ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු කිරීම රෝගීන් වාර්තාවීම අඩුවීමට හේතු වූ බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දිගින් දිගටම කියා සිටියත් ආණ්ඩුව එය ගණනකට ගත්තේ නැත. දිනකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය 100-150 වනවිට රෝගය පිළිබඳව ජනතාවගේ තිබූ අවධානය ද අඩු විය. ඒ නිසා උත්සව සමයෙහි බඩු මිලදී ගැනීමට සහ ගමන් බිමන් යාමට ජනතාව පෙළඹෙනු දක්නට ලැබුණි. දැන් එහි ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සුපුරුදු පරිදි ආණ්ඩුව ජනතාවට වරද පටවනු දක්නට ලැබේ.

මීමුරේ පැවැති ගම සමග පිළිසඳරේදී එම ප්‍රදේශයට PCR යන්ත්‍රයක් ඉල්ලූ පුද්ගලයාට ජනාධිපති ගෝටාබය රාජපක්ෂ පැවසුවේ “දැන් ඔක්කොටම එන්නත දෙනවා. PCR ඕන නෑ කියාය.” එතැන සිටි සෞඛ්‍යයට සම්බන්ධ කිසිදු රජයේ නිලධාරියෙක් ඒ ගැන කිසිදු අදහසක් පළ කළේ නැත. ජනාධිපතිවරයාගේ අදහස ක්‍රියාත්මක කරමින් අහඹු ලෙස හෝ PCR පරීක්ෂණ නොකිරීමේ ප්‍රතිඵල අද ජනතාව භුක්ති විදිමින් සිටිති. අන්තිමට ජනතාවට එන්නට ලැබුණේත් නැත. පළමු මාත්‍රාව ගත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල අයටවත් දෙවන මාත්‍රාව ලැබුනේත් නැත. ජනාධිපති කිව්වාට අන්තිමට එන්නතත් නැත. PCRත් නැත. කොරෝනා නම් ඇත.
-lankatruth

No comments:

Powered by Blogger.