Header Ads

Breaking News
recent

ඉන්ටනැෂනල් ස්කූල් පුතාගේ උපන්දිනයට ගුරු මව යාළුවන්ට එන්න කියා ‘අයිස්-ගංජා’ පාටියක් දීලා

තම පුතකුගේ උපන්දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යාන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිසිය කටයුතු කොට ඇත.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනාද වන බව පොලිසිය කියයි.

තරුණ තරුණියන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිසිය බාරයට ගෙන ඇත.

තරුණ තරුණියන් පිරිසක් නිවසකට පැමිණ මත්ද්‍රව්‍ය පානය කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරියද එම තරුණ තරුණියන් දෙපිරිසටම සහාය වෙමින් විනෝද වෙමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වයස අවුරුදු 42 ක් වන සැකකාර ගුරුවරියට අමතරව වයස අවුරුදු 18 සහ 23 අතර පසුවන තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ පානය කළ මත්ද්‍රව්‍ය වලට අමතරව අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය තිබී පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නන් බව පොලිසිය කියයි.

No comments:

Powered by Blogger.