දවසකට ගාන රුපියල් 27000යි - අසාධ්‍ය කොරෝනා ආසාදිතයන්ට ICU ඇදන් විකීණීමේ ජාවාරමක් [VIDEO]
කොරෝනා ආසාදිතව අසාධ්‍ය වන පුද්ගලයන්ට දැඩි සත්කාර ඇඳන් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක එසේ විකිණීමට ඇති දැඩි සත්කාර ඒකක ඇදක් පිළිබඳව අසාධ්‍ය රෝගියෙකුගේ ඥාතියෙකුට සම්බන්ධ කර ඇති බවයි.
එම ඇඳ සඳහා එක් දිනකට රුපියල් 27,000 ක මුදලක් අය කරන බවද ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියේදී තොරතුරු සහිතව කරුණු හෙළි කරන බවද ඔහු සඳහන් කළේය.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: