Header Ads

Breaking News
recent

ජනතාව අහන ප‍්‍රශ්ණවලට උත්තර නෑ.. කලාව කරගෙන හිටියා නම් මීට වඩා හොදයි..- ගීතා

ජනතාවට කොරෝනා එන්නත ලබා දීමට නොහැකි වීම පිළිබඳව ඇතැම් විට ජනතාව අසන ප්‍රශ්න වල දී තමන් අසරණ වන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

අද වන විට ජනතාවට කොරෝනා එන්නත නිසිලෙස ලබා දීමට බැරි වී තිබෙන බවත් එන්නත හැකිතාක් ගෙන්වා පුරවැසියන්ට ලබාදිය යුතු බවත් ඇය පෙන්වා දෙයි.

දැන් පවතින තත්ත්වය එතරම් හොඳ නැති බවද පවසන ඇය මොන රටකින් හෝ එන්නත ගෙනැවිත් සෑම පුරවැසියකුටම ලබාදීම වැදගත් යයිද පෙන්වා දෙයි.

‘කලාව කරගෙන සිටියේ නම් මේ කිසි දෙයක් නෑ’ යයි තමන් දැන් සිතන බවද ඇය කියා සිටියාය.

අලුත් අවුරුදු සමයේ ජනතාවට කැමති විදිහට විනෝද වෙන්න ඉඩ දී ආණ්ඩුව සද්ද නැතුව හිටිය බවත් සමහරු හැසිරුනේ කොරෝනා නැති ආකාරයෙන් යැයි ද ඇය පැවසුවාය.

අද භුක්ති විඳින්නේ එහි අනිසි ප්‍රතිඵල යයිද මන්ත්‍රීවරිය තව දුරටත් පැවසුවාය.

No comments:

Powered by Blogger.