Wednesday, April 9 2025

Header Ads

උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් රුසියානු සංචාරකයින් යළි ගෙන්වීමේ සූදානමක් !

ඩේලි නිව්ස් පුවත්පත ඊයේ වාර්තා කළේ, හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ මැදිහත් වීමෙන් ජෛව බුබුල සංකල්පය යටතේ රුසියානු සංචාරකයින් මෙරටට ගෙන්වීමට සූදානම් වන බවය.

මෙවර නැගෙනහිර වෙරළ තීරය ඔවුන්ගේ ප්‍රධාන ආකර්ශනය යොමු වී ඇති ස්ථානය ලෙස ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබේ.

උදයංග වීරතුංග මහතා පුවත්පත සමග පවසා ඇත්තේ දේශීය ජනතාව සමග මිශ්‍ර නොවන අයුරින් රුසියානු සංචාරකයින් සංස්කෘතිකමය වැදගත්කමක් ඇති ස්ථානවලටද රැගෙන යාමට සැලසුම් කර ඇති බවය.

ඒ පිළිබඳව අදහස් පළ කළ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මෙසේ කියා සිටියේය.

”අද ජනතාව ගෙවල්වල නවත්වන තැනට ප්‍රශ්න ඇවිල්ලා තියෙන වෙලාවේ.ආපහු වතාවක් සංචාරකයින්ට දිස්ත්‍රික් සිමා පැනලා යන්න බුබුළු හදලා යන්න කියලා දැන් ඉඩ හදනවා.

පසුගිය වතාවෙත් ආණ්ඩුව කිව්වා මිනිස්සු ගිහින් පී.සී.ආර්. කරලා කොරන්ටයින් වෙන්න ඕනේ කියලා. දැන් මේ වේලාවෙත් සංචාරකයෝ රට වටේ යද්දි කොරන්ටයින් වෙන්ද කියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න ඕනේ මෙවැනි ව්‍යසනයකට පත් වෙලා තියෙන ලෝකයේ රටවල් නොකරන මේ ඔල මො ට්ටල වැඩ කරන්න එපා ආපහු.

මේවා කරලා තමයි යුක්රේන සංචාරකයෝ ගෙනල්ලත් මේ වැඩේ වුණේ. ඒ නිසා දැන් පෞද්ගලික අංශයට වැක්සින් ගේන්න කියන ආණ්ඩුව දැන් එදා අපි දැක්කා ඇන්ටිජන් ටෙස්ට් කිට් ටික ගේන්න තිබ්බ හදිසිය අද නැහැ.

දැන් ආණ්ඩුව පෞද්ගලික අංශයට ගේන්න කියනකොට,අද ඒ කටයුත්තේදි ආණ්ඩුව අසමත්.මේ කටයුත්ත කරලා නැහැ කියලා දැන් තහවුරු වෙගා තියෙනවා.අපි ආණ්ඩුවට කියන්නේ ඔය තියෙනවා කියන සල්ලි වහාම ඒ සල්ලි බැඳලා මුදල් වෙන් කරලා එල් සී ඕපන් කරලා අවශ්‍ය වැක්සීන් ටික රටට ගේන්න.

-lakdivapuwath

Leave a Comment

Powered by Blogger.