Header Ads

Breaking News
recent

වාහනවල ජනෙල් වීදුරු විවෘත කරගෙන යන්න..වෛද්‍යවරුන්ගෙන් ජනතාවට පණිවිඩයක් !

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තම වාහන වලින් හෝ පොදු ප‍්‍රවාහන සේවාවලින් ගමන් කරන අය  එම වාහන වල ජනෙල් වීදුරු විවෘත කර වාතාශ‍්‍රය ඒ තුළට පැමිණෙන ආකාරයට සලස්වා ගමන් කිරීම ඉතා යෝග්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවැසීය.

මෙම කොරෝනා වෛරස් ප‍්‍රභේදය ඉතා වේගයෙන් රට පුරා පැතිර යෑම නිසා පොදු ප‍්‍රවාහන හා වාහනවල ගමන් ගන්නා පිරිස් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම ඉතා වැදගත් බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේද කියා සිටියේය.

ඔබ පොදු ප‍්‍රවාහන හෝ තමන්ගේ වාහන වලින් ගමනක් යනවා නම් ඒ වාහනය තුළට වාතාශ‍්‍රය ලැබෙන පරිදි ජනෙල් වීදුරු විවෘත කරගෙන යනවා නම් හොඳයි. ඒ තුළින් වෛරසය පුද්ගලයන් අතරේ පැතිරීම වැලකෙනවා. ඒ වගේම ගමන ආරම්භයේ ඉඳලා අවසානය දක්වා මුව ආවරණ පැළඳගෙන ගමන් කිරීම ඉතා වැදගත්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

No comments:

Powered by Blogger.