Header Ads

Breaking News
recent

“ලොකුගේ පොකුර” පිළියන්දල පොළටත් පැතිරේ

පිළියන්දල පොලේ සිදුකල අහඹු PCR පරික්ෂණ 269ක මේ දක්වා ලැබී ඇති ප්‍රතිඵලවලට අනුව පුද්ගලයන් 101 දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය නිවේදනය කරයි.

ඊයේ (08) දිනයේදිත් විවෘතව තිබූ මහජන පොලේ ගැවසුනු පිරිස අතරින් මෙම අහඹු PCR පරික්ෂණ සිදුකර ඇති අතර තවත් 50 දෙනෙකුගේ ප්‍රතිඵල ලැබීමට නියමිත බව වාර්තා වේ.

මෙම අහඹු PCR පරීක්ෂණයේ ප්‍රතිඵළ අනුව 50%කට ආසන්න වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව පවසන සෞඛ්‍ය අංශ අද දිනයේ (09) සිට පිළියන්දල පොළ වසා දැමීමට තිරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම අඟුලු දැමීම කොපමණ කාල සීමාවක් දක්වා වලංගු වේ දැයි සහතිකයක් දිය නොහැකි බව පිළියන්දල පොලිසියේ නිළධාරියෙක් ලංකාටෲත් හා පැවසිය.

ඒ මක් නිසාද යත් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදුන් ඇමති ගාමිණි ලොකුගේ පවසා සිටියේ තමන් විසින් විවෘත කළ පිලියන්දල ප්‍රදේශය යළි අගුලු දැමුවහොත් තමන් නැවත මැදිහත් වී එය විවෘත කරන බවයි.
-lankatruth

No comments:

Powered by Blogger.