ලොව භායානකම ප‍්‍රභේදයක් වන බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය ආවේ යුක්රේන සංචාරක බුබුලෙන් | COVID-19 SRI LANKA
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.
ඉන්දියානුවන්ට මෙරට නිරෝධායනය වෙන්නැයි වෙළඳ දැන්වීම්ද දමා ගෙන්වාගත් බවත් කොතරම් විරුද්ධව ඒ ගැන කියා සිටියද ඒ සම්බන්ධයෙන් බලධාරීන් සැලකිලිමත් නොවූ බවත් පැවසූ ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු ප්‍රභේදය ද ලංකාවෙන් වාර්තා වන බවත් ඒ සඳහන් කළේය.
දැනට ලෝකයේ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ප්‍රභේද හතර අතරින් ශ්‍රී ලංකාවට 03ක්ම දැනටමත් පැමිණ තිබෙන බවත් පැමිණ නැත්තේ බ‍්‍රසීල ප්‍රභේදය පමණක් බවත් ඔහු තව දුරටත් පැවසීය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: