Header Ads

Breaking News
recent

අනෙක් රටවල විපක්ෂයන් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න වලදී බෙදිලා ආත්මාර්ථකාමීව දේශපාලන අරමුණු වලට වැඩ කරන්නේ නැහැ. - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

කුරුණෑගල දිස්ත්‍රික්කය තුල තෙවැනි කොවිඩ් අවදානමට මුහුණ දීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-05-02 දින කුරුණෑගල විල්ගොඩ කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා...

 විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරන්න අපිට කිසිම උවමනාවක් නැහැ. අපේ රජය  බලයට පත්වුණ දා ඉඳලා කිසිදු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දඩයම් කරලා නැහැ. නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වින්දිතයන් වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව පෙනී සිටිනවා. අද විපක්ෂය වින්දියන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධ ප්‍රකාශ ගන්න ගියහම, එහෙම නැත්තම් කොමිසම් වාර්තාව අනුව යම්කිසිදෙයක් තහනම් කරහම, චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුවෙන් යෝජනා ගෙන එද්දි විපක්ෂය ඒවාට විරුද්ධව කටයුතු කරනවා. ලෝකයේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ශයන් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී හැසිරෙන්නේ කොහොමද කියා එක අපේ මෙහෙ විපක්ෂය අධ්‍යනය කරනවා නම් හොදයි.  අනෙක් රටවල විපක්ෂයන් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න වලදී බෙදිලා ආත්මාර්ථකාමීව දේශපාලන අරමුණු වලට වැඩ කරන්නේ නැහැ.

විපක්ෂය දේශපාලන වාසි ගන්න තමයි හදන්නේ. රිෂාඩ් බදුර්දීන්ව අත්අඩංගුවට ගත්තාම කියනවා විපක්ෂයේ අයව දඩයම් කරනවා කියලා. ඒ නිසා  පැහැදිලිව අපි කියනවා, මේ විපක්ෂය විසින් අද  කරන්නේ මේ පරීක්ෂණ හරහා ගත්  ක්‍රියාමාර්ග සියල්ල කඩාකප්පල් කරන ව්‍යාපාරයක නියැලී සිටීමයි . අපි පැහැදිලිව කියනවා විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරන්න අපිට කිසිම උවමනාවක් නැහැ කියලා. අපේ රජය ඉතාමත් ස්ථාවර රජයක්. අපේ ජනාධිපතිතුමා ස්ථාවරව වැඩකටයුතු කරනවා. මැතිවරණය දිනලා තාම අවුරුදු එකහමාරයි ගිහිල්ලා තියෙන්නෙ. දැන් විපක්ෂය හදන්නේ බොරුවක් මවලා ඒක සමාජ ගත කරන්න. 
අපිට කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. නිදහස් වෙන්න තියෙනවා නම් කවුරුහරි කෙනෙක් නිදහස් වෙනවා. වැරදි කරලා තියෙනවා තියෙනවා නම් වැරදි කරුවන්ට දඬුවම් ලැබෙනවා. අපි උසාවියට ඉදිරිපත් කරන්න තියන අයව උසාවියට ඉදිරිපත් කරනවා. නීතිය ක්‍රියාත්මක කරන අංශ මගීන් ස්වාධිනව වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරයි. රන්ජන් රාමනායකගේ නීතිය, ප්‍රේමදාසගේ නීතිය අපේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ආණ්ඩුව කිසිම සංදර්ශනයක් කරන්නේ නැහැ. ඒක අමු පට්ටපල් බොරුවක්. පෙබරවාරි මාසයේ පළමු සතියේ පාස්කු ප්‍රහාරයේ කොමිසම් වාර්තාව ආවා. සති තුනක් යන්න කලින් සිංහලට පරිවර්තනය කරලා අදාළ තැන්වලට ඉදිරිපත් කළා. නීතිපතිතුමා යටතේ ක්‍රියාත්මක කල යුතු දේවල් ක්‍රියාත්මක කරන්න ඒවා නීතිපතිත්‍රමාට යැව්වා. සී.අයි.ඩි., ඩී.අයි.ඩි. වැනි ඒවාට යැව්වේ පරීක්ෂණ පවත්වලා ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන්නයි.

පෙබරවාරි  මාසයේ තුන්වැනි සතිය ඇතුලත සිංහල පරිවර්තනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. නීතිපති තුමා වෙනම නීති කණ්ඩායමක් දාලා ඒ සම්බන්ධ සම්පූර්ණ අධීක්ෂණයක් කරලා දැන් වැඩ කටයුතු කරගෙන යනවා. දැන් සති හය හතක් විතර ඒ වැඩකටයුතු කෙරීගෙන යනවා. එහෙම නැතිව සංදර්ශන අපි පවත්වන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමා හැර මොන ජනාධිපති කොමිසම් වාර්තාද පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ. ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ , ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයගෙ කොමිසම් වාර්තා කෝ. මේ වැඩේ හරියට කරගෙන යද්දි මඩ ගහලා, අවමන් කරලා, අගෞරව කරලා විපක්ෂය කරන්න හදන්නේ මේක වෙන පැත්තකට අරගෙන යන්න. විපක්ෂයෙන් කිසිම සහයෝගයක් මේ දෙයට ලබාදෙන්නේ නැහැ. එදා කළේත් පාස්කු ප්‍රහාරය වෙන්නට ඉඩ දුන්න එක. මිනිස්සු මැරෙන්න ඉඩ හැරියා, හිනා උනා. මේ සම්බන්ධ පරීක්ෂණ ඔක්කොම යට ගැහුවා. පාර්ලිමේන්තුවේ තේරීම්  කමිටුවක් දැම්මා. සී.අයි.ඩි.යට හොයන්න දුන්නේ නැහැ. බුද්ධි අංශයේ අයව හිරේට දාලා බුද්ධි අංශයේ අයට ක්‍රියාකරන්න  දුන්නේ නැහැ. තමන්ගේ ඡන්ද පදනම තියාගන්න මිනිස් ජීවිත බිල්ලට දුන්න ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. අපි කිසිම සංදර්ශනයක් කරන්නේ නැහැ. නීති අකුරටම ක්‍රියාත්මක කරනවා. රිෂාද් බදියුදීන් හෝ හරීන් හෝ වේවා, වෙන කවුරු උනත් වැරදි කරලා තියෙනවා නම් ඒකට නිසි දඬුවම් ලැබිය යුතුයි. ඒක තමයි මේ රටේ ජනතාගේ බලාපොරොත්තුව.  

එක වෙලාවකදී කියනවා මේ ආණ්ඩුව කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. වාර්තාව අනුව නීතිය ක්‍රියාත්මක කරගෙන යද්දි කියනවා දේශපාලන පලිගැනීම් කරනවා කියලා. මේක විපක්ෂයේ දෙබිඩි පිළිවෙතක්. මේක ජනතාව තේරුම් ගත යුතුයි.


මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

No comments:

Powered by Blogger.