Header Ads

Breaking News
recent

මංගල උත්සවයට සහභාගි වූ තිස්දෙනාටම කොරෝනා | COVID-19 SRI LANKA


ගලේවෙල දිග්ගලපවතී මංගල සාදයකට සහභාගිවූ පිරිසක් ඇතුලූ පුද්ගලයන් තිස්දෙනෙකු (30) සම්බන්ධයෙන් ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂාවේදී ඔවුන් සියලූදෙනාම කොවිඞ් ආසාදිතයන් බවට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
සෞඛ්‍ය නිලධාරින්ගේ අවසරයක් නොමැතිව මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර මෙසේ හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයින් ගෙන් බහුතරය මෙම මංගල සාදයට සහභාගිවුවන් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි

මෙම ප‍්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් භාවිතයද ඉතා තදින් දක්නට ඇති බැවින් මෙම වෛරසය පැතිරයෑමට එම තත්වයද බෙහෙවින් බලපා ඇති බවද ඔවුන් පෙන්වා දෙති’ ආසාදිතයන් සියලූදෙනාම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට යවන තෙක් ඔවුන්ගේ

නිවෙස්වලම සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත රඳවා ඇතැයිද ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියකු පැවසීය
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.