Header Ads

Breaking News
recent

IPL ඉතුරු ටික ලංකාවේ දී?

ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් කල් දමනු ලැබූ ඉන්දියානු ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන පරිදි අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බරයේ මෙරටදී පැවැත්විය හැකි බවය.  

තරගාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල සමග සාකච්ඡා කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි පවසා තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමත් සමග ඊට සහභාගී වී සිටින විදෙස් ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටත් කර යැවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

No comments:

Powered by Blogger.