Header Ads

Breaking News
recent

ඇමති ලොකුගේගේ ඉඩමක ප්‍රසිද්ධ සමාගමක ගබඩාවක් ? පිලියන්දල ලොක්ඩවුන් ඇරියේ ඒ නිසා ද? | Piliyandala lockdown issue

පිලියන්දල ලොක්ඩවුන් ඇරියේ ඇමති ලොකුගේගේට අයත් විශාල ගබඩාවක් නිසා?

කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් තිබෙන පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් පසුව එම තීරණය ඉවත් කිරීම ඇමති ලොකුගේ ගාමිණී ලොකුගේ මහතා මැදිහත් වූයේ ඔහුට අයත් ඉඩමක ප්‍රසිද්ධ සමාගමක ගබඩාවක් පිහිටා තිබීම හේතුවෙන් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

වසංගතය වේගයෙන් පැතිරීම නිසා පිලියන්ද පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කලද ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා බවින් මුදා හැරීම සිදු වුයේ ඇමතිවරයාගේ බලපෑම නිසා බව ද ප්‍රදේශවාසීන් උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කර පැය කීපයක් ඇතුළත එය ඉවත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව විරෝධය පළ කළහ.

මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත විසින් අමාත්‍ය ගාමිණී ලොකුගේ ගෙන් කරන ලද විමසීමක දී පවසා ඇත්තේ තමාට අයත් ඉඩමක වසර 20 ක පමණ කාලයක සිට ප්‍රසිද්ධ සමාගමක ගබඩාවක් පවත්වාගෙන යන බව සත්‍ය නමුත් එය හේතුවෙන් තමන් එවැනි ඉල්ලීමක් නොකළ බවයි.

කෙසේ නමුත් ජනතාවගේ ඉල්ලීම මත තමන් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට කරුණු ඉදිරිපත් කල බවද ඇමැතිවරයා පවසා තිබේ.

No comments:

Powered by Blogger.