Header Ads

Breaking News
recent

බදියුදීන්ගේ මස්සිනා දැරියක් දූෂණයට වසර 15ක් හිරේ ඉඳලා.. යහපාලන කාලේ බේරගෙන

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේගේ බිරිද ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී ඉකුත් 2007 වසරේ මැයි මස 29 වැනිදා අධිකරණය මගින් සිර දඩුවම් නියම කර තිබේ.

මොහොමඞ් හනීෂ් නමැති මොහුට කොළඹ අංක 01 මහාධිකරණය මගින් වසර පහළොවක සිර දඩුවමක් නියම කර ඇති අතර ඒ අනුව ඔහු සිරකරු අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිට ඇත. එසේ සිර දඩුවම් විදිමින් සිටි ඔහු ඉකුත් 2016 වසරෙදී පමණ දඩුවම නිමා වී බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇතැයි සදහන් වේ.

රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී පිළිස්සුම් තවාල සහිතව අතවරයටද පත්ව මියගිය ඉෂාලිනී ජූඞ් එහි සේවය කළ කාලයේ බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරෙකු එම නිවසේ සිටි බවටද ඉකුත් දිනවල තොරතුරු ලැබී තිබිණි.

එසේ බදියුදීන්ගේ නිවසේ සිටියේ දැරියක දූෂණය කිරීමේ සිද්ධියට සිරගතව සිට පැමිණි බදියුදීන් බිරිදගේ සොහොයුරාමදැයි මෙතෙක් අනාවරණය වී නැත.

මොහු මෙසේ බන්ධනාගාරගතව සිටියදී රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයකුව සිටි අතර එම කාල සීමාව තුළ සිය මස්සිනා ඉක්මනින් නිදහස් කරවා ගැනීම සදහා ඔහුගෙන් බන්ධනාගාර බලධාරීන්ට විවිධ බලපෑම් එල්ලවූ බවද ආරංචි මාර්ග සදහන් කරයි.

– divaina


No comments:

Powered by Blogger.