Header Ads

Breaking News
recent

හජ්ජි උත්සවයේ ඝාතනයට ගෙනා ගවයින් 350ක් යුද හමුදා භාරයට ගනී !

මඩකලපුව නාවල්අඩි ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ හජ්ජි උත්සවය සදහා සඳහා ඝාතනය කිරීමට සූදානම් කර සිටී ගවයන් 350ක් යුද හමුදාව තම භාරයට ගෙන තිබේ.

පවතින වසංගත තත්ත්වය මත මුස්ලිම් දේවස්ථාන පරිශ්‍ර තුළ තුල ගවයින් ඝාතනය නොකරන ලෙසට උපදෙස් ලබාදී තිබියදී මෙම ගවයන් දේවස්ථානවලට බෙදීමට සූදානම් කර තිබූ බවට සඳහන්‌ ය.

යුද හමුදාව මෙම ගවයින් මඩකලපුව පොලිසිය වෙත භාරදී ඇති අතර එම ගවයින් අද සවස එහි නීත්‍යානුකූල තත්වය විමසා නිදහස් කිරීමට කටයුතු කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසන පරිදි මෙම ගවයින් හජ්ජි උත්සවය සඳහා ඝාතනය කිරීමට අදාළ නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබූ බව සඳහන්‌ වන අතර එම ගවයින් 150 බැගින් ඔඩ්ඩමාවඩි නගර සභාවට අයත් ගව ඝාතකාගාරයෙන් මස් පිණිස ඝාතනය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව එම ගවයින්ගෙන් 150ක කණ්ඩායමක් නිදහස් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.


No comments:

Powered by Blogger.