Header Ads

Breaking News
recent

රුපියල් 5000 නැවත අය කරගන්න නියෝගයක් - ලොකු වංචාවක් හෙළිවෙයි

කොවිඩ් පළමු රැල්ලේ දී පීඩාවට පත්වූවන්ට රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා. ඇතැම් පුද්ගලයන්ට නියමිත මුදලට වඩා ගෙවීම් කර තිබෙන බවට අනාවරණය වී ඇති අතර එම මුදල් එම පුද්ගලයන්ගෙන් අය කර ගන්නා ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට විගණකාධිපතිවරයා දැනුම් දී තිබෙන බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

එම දැනුම් දීම අනුව ඇතැම් පුද්ගලයන්ගෙන් දැනටමත් වැඩිපුර මුදල් යළි අය කරගෙන ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.

බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල මෙම විගණනය කළ බවත් අනාවරණය වූ අක්‍රමිකතා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන් බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව නිවැරදි කෙරෙන තොරතුරු යළි ලබා ගනිමින් තිබෙන බවත් ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විගණකාධිපතිවරයා පෙන්වා දී කිබෙනවා.

-asianmirror


No comments:

Powered by Blogger.