Header Ads

Breaking News
recent

සංශෝධන නැති කොතලාවල පනතට කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වෙයි

යෝජිත කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සංශෝධනය නොකළහොත් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු ආසන එකක් සහිතව   රජයේ  පාර්ශවකරුවෙක් සේ කටයුතු කරන  කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

කොමියුනිස්ට් පක්ෂ පාර්ලිමේන්තු   මන්ත්‍රී වීරසුමන වීරසිංහ   ඊයේ ( 25) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙම පනතේ හොඳ සහ නරක ප්‍රතිපාදන දෙකම දැක  ඇති බවය.

නිදහස් අධ්‍යාපනයට අහිතකර ප්‍රතිපාදන මෙම පනතේ අඩංගු බව ඔහු පැවසීය. පනත සංශෝධනය කරන ලෙස කොමියුනිස්ට් පක්ෂය දැනටමත් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බව මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ජනතාව වෙනුවෙන් ඇති යුතුකම මිස පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු සාමාජිකත්වයක් හෝ අමාත්‍ය ධුරයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.


No comments:

Powered by Blogger.