Header Ads

Breaking News
recent

ජෝෂප් ස්ටාලින් ත්‍රස්තවාදියෙක් ?

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට බාධා කළ පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සඳහන් කරයි.

එවන් සිදුවීම් කිහිපයක් පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බවත් එම තොරතුරු ත්‍රස්ත විමර්ශන අංශයට ලබාදීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පවසයි.

යුද සමයේ දී රටේ ආරක්ෂාවට යොදවා තිබූ මාර්ග බාධක ඉවත් කරන්නැයි ජෝසප් ස්ටාලින් අධිකරණයට ගිය බවත් එනිසා ඔහු හැඳින්විය හැක්කේ ත්‍රස්තවාදියෙකු ලෙස බවත් මන්ත්‍රීවරයා තව දුරටත් කීය.

වර්තමානයේදී ද ඔහු සිදුකරන්නේ සිසු දරුවන් හා ගුරුවරුන් බිල්ලට ගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි ද පැවසූ මන්ත්‍රීවරයා සිසු දරුවන්ට හෝ ගුරුවරුන්ට ඔහු ආදරය කරන කෙනෙකු නොවන බවද සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළේ ය.


No comments:

Powered by Blogger.