Header Ads

Breaking News
recent

ආර්ථික අර්බුදය තව හිරවෙයි ! රජයේ වියදම් දැඩිව සීමා කරමින් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක් !

රජයේ ආයතනවල වියදම් ඉදිරි මාස හයක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රජයේ ආයතනවල අතිරේක වියදම් වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් සියළුම රාජ්‍ය ආයතන ද දැනුම් දී ඇත.

එමෙන්ම රාජ්‍ය ආයතන වලටත් නව සේවකයන් බඳවා ගැනීම නතර කරන ලෙස දන්වා ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමඟ රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෑතකදී පළාත ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පසුගියදා කොළඹට කැඳවා දැනුම් දී ඇත්තේ වියදම් සීමා කරන ලෙසයි. රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයන් බඳවා නොගන්නා මුදල් ඇමතිවරයා එහිදී දන්වා තිබේ.


No comments:

Powered by Blogger.