Header Ads

Breaking News
recent

රිෂාඩ්ගේ වැසිකිළියෙන් ‘එළියට විසි කළ කොළ කැබැල්ලකින්’ හෙළිවූ දේ !

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට එහිදී ලබා දුන් ඖෂධ, වැසිකිළියේ ජනේලයෙන් එළියට විසි කළ බවට වාර්තා පළ වන බව අද (26) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී දිනපතා පුවත්පතක් උපුටා දක්වමින් සඳහන් කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී ඔහුගේ නිවෙසේ සේවය කළ මෙහෙකාර දැරිය මියගිය දිනට පසුදින ඇතිවූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියා.

එහිදී ඔහු වෙනම වැසිකිළියක් භාවිත කර ඇති අතර ඔහු සෑම දිනකම එය භාවිත කිරීමට යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවී තිබෙන අතර පසුගිය දිනක ඔහු වැසිකිළියට ගොස් ඇත්තේ සැක සහිත ලෙස කොළ කැබැල්ලක් සිය අත්ල මත රහසිගතව ගුලි කරගෙන බවත් එම පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.

ඔහු වැසිකිළිය තුළට ගිය පසු තමන් අත වූ කොළ කැබැල්ල එහි වූ සුළං කවුලුවෙන් පිටතට විසිකර ඇති බවත් ඒ අවස්ථාවේදී අසල සිටි බුද්ධි නිලධාරීන් එය අහුලාගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ බෙහෙත් පෙති කිහිපයක් සොයාගෙන ඇති බවත් ඔහුගේ රෝග තත්ත්වය හේතුවෙන් ලබාදුන් බෙහෙත් පෙති මෙලෙස ඉවතට විසිකර ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

අනතුරුව මන්ත්‍රීවරයාගේ ප්‍රතිකාර අවසන් කර ඔහුව නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යෑමට වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබෙනවා.


No comments:

Powered by Blogger.