Header Ads

Breaking News
recent

බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ අවසන් කටයුතු කරයි.. වතුරකරයේ විරෝධතා..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු  කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.

වතු යායෙන් ආරම්භ කල උද්ඝෝෂනය හැටන් ඩයගම නගර දක්වා ගමන් කර ඩයගම නගර මධ්‍යයේදිද උද්ඝෝෂණය සිදු කලහ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මසකට රු 20000 ක වැටුපකට එම වතු යායේම පදිංචි තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් 2020 ඔක්තොම්බර් මස රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත.

2004.11.12 දින උපත ලද ජේ.ඉෂාලිනි නැමති ජිවිතක්ෂයට පත් තරුණිය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ඉකුත් (03) දින ඇයගේ සිරුරට ගිනි ඇවිලිම නිසා දැඩි පිලිස්සුම් තුවාල සහිතව ජේ.ඉෂාලිනිව බදුර්ඩින් මහතාගේ නිවසේ අය විසින් බොරැල්ල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ඇය (15) දින ජිවිතක්ෂයට පත් වි ඇත.

බාල වයස්කාර දැරිය ජිවිතක්ෂයට පත්විමෙන් අනතුරුව සිදු කරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇය ලිංගික ප්‍රවේශයකට ලක් වි ඇති බවට තහවුරු වි ඇති නිසා ඇයට ලිංගික ප්‍රවේශය සිදු කල අය අත්අඩංගුවට ගන්නා ලෙසයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

තවද වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි තරුණියන් සහ වතු කම්කරු කාන්තාවන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටින බවත්, එම කාන්තාවන්ටද මෙවැනි ඉරණමක් ඉදිරියේදි සිදු නොවිය යුතු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

මිය ගිය තම සොහොයුරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම යලි තම නිවසට නොපැමිණි බවත්,ඇය බැලිමට තම දෙමව්පියන් සහ තමන් බදුර්ඩින් මහතාගේ නිවසට ගිය අවස්තාවේ ඇය බැලිමට බදුර්ඩින් මහතාගේ නිවසේ අය අවස්තාව ලබා නොදුන් බව මියගිය ජේ.ඉෂාලිනිගේ සොහොයුරු තිරුප්‍රසාද් පැවසිය.

මියගිය ජේ.ඉෂාලිනිගේ අවසන් කටයුතු ඉකුත් (17) දින ඇය පදිංචි ඩයගම බටහිර කොටසේ වතු යායේ පොදු සුසාන භුමියේදි සිදු කල අතර, ඇයගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා වෙන් වෙන්ව පරික්ෂණ ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Powered by Blogger.