Header Ads

Breaking News
recent

ටැබ් එක මගේ ඇඟේම කොටසක් වගේ... හැම ටැබ් එකකින්ම දරුවන් වඳ වෙනවා කියලා කිව්වෙ නෑ - ගම්මන්පිල

ටැබ් පරිගනක හේතුවෙන් දරුවන් වඳභාවයට පත්වන බවට තමන් සිදුකළා යැයි කියන ප්‍රකාශය කරුණු විකෘති කර වටහා ගැනීමක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. තමන් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය නොඅසා එඩිට් කළ‍ කොටසක් පමණක් අසා තමන්ට චෝදනා එල්ල කරන බවයි ඔහු පවසන්නේ.

ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ වැඩසටහනට සහභාගිවෙමිනි.


 පසුගිය රජය සමයේදී පාසල් දරුවන්ට ටැබ් පරිගනක ලබාදීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල තුළ ප්‍රමිතියෙන් තොර බාල අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ ටැබ් පරිගනක ලබාදීමට උත්සාහ කළ බවත් තමන් අදාල ප්‍රකාශය සිදුකළේ ඊට අදාලව බවත් පවසන ගම්මන්පිල මහතා, ඒ සම්බන්ධයෙන් සියලු විස්තර අල්ලස් කොමිසම වෙත ලබා දී ඇති බවද පෙන්වා දෙනවා.

නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිදි සකස් කරන විද්‍යුත් උපාංග හරහා පිලිකාකාරක ඇතුළු ශරීරයට අහිතකර විකිරණ මුදාහරින බවත්, ඒවා හරහා පිළිකා වැනි රෝග මෙන්ම වඳභාවයට පත්වීම වැනි තත්වයන් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කරනවා. නිසි ප්‍රමිතියට සකස් කළ විද්‍යුත් උපාංගවලද එවැනි අවදානමක් තිබෙන බව ඉන් අදහස් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2008 වසරේ සිට බොහො අවස්ථාවල ටැබ් පරිගනක භාවිතා කරන බවත් එය දැන් තමාගේ ශරීරයේම කොටසක් තරමට තමාට සමීප වී ඇති බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ එවැනි ආකාරයෙන් කටයුතු කරන තමා ටැබ් පරිගනකවලින් දරුවන් වඳභාවයට පත් වෙනවා යැයි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විමසා සිටිනවා.


No comments:

Powered by Blogger.