Header Ads

Breaking News
recent

දැන් ජනාධිපති අපේක්ෂකයො වැහි වැහැලා.. මෛත්‍රී නැවතත් ජනාධිපතිවරණයට? - (video)

මෙරට පැවති කිසිම ආණ්ඩුවක් රටේ සංවර්ධනයට අවශ්‍ය දිර්ඝ කාලීන සැලසුම් සකස් නොකිරීම අඩුපාඩුවක් බවත්, ආණ්ඩු මාරුවීම් සමග වෙනස් නොවන  දිර්ඝ කාලීන සංවර්ධන සැලසුම් සකස් කිරීම අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ 28 පැවසීය.

වර්තමානයේ දී පවතින රජයේ වැඩපිළිවෙළට සහයදීමට තම පක්ෂය කටයුතු කරන බව කී  මෙත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණවලදී  තරග කරන්නේ කෙසේ ද යන්න ගැන මෙතෙක් සාකච්ඡා කර නැතැයි ද කීවේය.  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඒකරාශී කරගෙන වෘත්තීය සමිති බියුරෝවක් පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම වෘත්තීය සමිති බියුරෝව පිහිටුවීම එම  පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරිණි.  මෙම වෘත්තීය සමිති බියුරෝවේ සභාපති  ලෙස පක්ෂ සභාපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා පත්විය.  එය පිහිටුවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරු මෙස්ය.

ප්‍රශ්නය : පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර: එය දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන කරුණක් නිසා අදහස් දැක්වීම සුදුසු නැහැ.

ප්‍රශ්නය : පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු කරන්නේ ඉදිරියේදී වෙනම තරග කිරීමට බලාපොරොත්තු වන නිසාද?

පිළිතුර: අපේ පක්ෂ ඉතිහාසයේ සිටම පක්ෂ භාරව සිටි නායකයන් පක්‍ෂය ගොඩනැගීමට කටයුතු කළා. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මම මේ සතියේ සිට සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ඒ කටයුතුවල නිරත වෙනවා. අනාගතය සඳහා පක්‍ෂය ශක්තිමත් කිරිම හැමදාම කරන දෙයක්. ඉදිරියේදී තරග කරන ආකාරය ගැන තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් තාම නැහැ. වත්මන් රජයට තාම වසර දෙකක්වත් සම්පුර්ණ වී නැති නිසා මැතිවරණ සම්බන්ධයෙන් දැනට අපේ ඔළුවේ නැහැ.

මේ වනවිට ජනාධිපති අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් සිටින නිසා ඔවුන්ට අවස්ථාවක් දියයුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.


No comments:

Powered by Blogger.