Header Ads

Breaking News
recent

සමාජ මාධ්‍යවල කතාබහට ලක්වූ Polish - Rabukkana යනුවෙන් මුද්‍රිත ජීප් රථය ගැන පොලිසියෙන් දැනුම්දීමක්

Polish, Rabukkana යනුවෙන් සඳහන් නිල් පැහැති ජීප් රථයක් මාර්ගයේ ධාවනය කරමින් සිටින අවස්ථාවක ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වේ.

මෙම ජීප් රථය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ ජීප් රථය රඹුක්කන පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලිසියට අයත් ජීප් රථයක් නොවන බවය.

මෙම ටාටා සුමෝ වර්ගයේ නිල් පැහැති ජීප් රථය වාරියපොළ ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට අයත් බවත් එම ජීප් රථය සහ සැකකරු පෙබරවාරි 10 වන දා රඹුක්කන පොලිසිය විසින් වාරියපොළදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අප්‍රේල් 11 වන දින වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පසුව සැකකරු ඇප මත මුදාහැර ඇත.

මෙම සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන වාරියපොළ පෙලිසිය මගින් සිදු කරනු ලබන අතර පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, මාස තුනකට පමණ පෙර සිදු වූ සිදුවීමක ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල පළ කර ඇති බවය.

මව්බිම 


No comments:

Powered by Blogger.