Header Ads

Breaking News
recent

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, අමාත්‍යාංශය වසා දැමූ, ඇමති ගම්මන්පිල ගෙදර යයි

ලබන සිකුරාදා වනතුරු බලශක්ති අමාත්‍යාංශය වසා දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මීට හේතු වී ඇත්තේ අමාත්‍යවරයාගේ කාර්යාලයේ නිලධාරීන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමයි.

තමන් සම්බන්ධයෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමන්ට වෛරසය ආසාදනය වී නැති බවත්, ආරක්ෂිත පියවරක් වශයෙන් ලබන සිකුරාදා දක්වා සිය කාර්යාලය වසා දැමීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම අමාත්‍ය ගම්මන්පිල ඔහුගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් අද දින සිට ස්වයං නිරෝධායනය ට යොමු වන බවයි.

සමාජ මාධ්‍යයේ අමාත්‍යවරයා තැබූ සටහන පහතින්...

අමාත්‍යාංශයේ නිලධාරින් කිහිපදෙනෙකු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව තහවුරු වුණු හෙයින් විෂබීජහරණයෙන් පසු අමාත්‍යාංශය 6 වන සිකුරාදා තෙක් වසා දමන ලදී.

ඇන්ටිජෙන් පරික්ෂාවෙන් රෝගයට ගොදුරු වී නොමැති බව තහවුරු වුණත් මම අද දින සිට නිරෝධායනයට ලක් වෙමි.

ප්‍රවේශම් වන මෙන් සියළුදෙනා ගෙන් ඉල්ලා සිටින අතර රෝගි වුණු සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!
2021.08.03

No comments:

Powered by Blogger.