Header Ads

Breaking News
recent

ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම් නෑ… කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

ගුරු විදුහල්පති වැටුප්වල කිසිදු වැඩිවීමක් සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලය එක්මතිකව තීරණය කළ බව ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මෙම වැටුප් ප්‍රශ්නය පසුගිය ආණ්ඩුවේ සිට පැවත එන්නක් බවත් ලෝකයම බරපතල කොවිඩ් අර්බුදයක ගිලී ඇති මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්වය අනුව කිසිම ආකාරයක වැටුප් වැඩිවීමක් කිරීමට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමතිවරයා කීවේය.

“ මේ වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 56ක් අවශ්‍යයි. ඒක මේ වෙලාවෙදි කරන්න බෑ. මේ තරම් අර්බුදයක් තියාගෙනත් අපි මේ අයගෙ වැටුප් නියමිත පරිදි ගෙවලා තියනවා. තවත් කරන්න බෑ.“ ඇමතිවරයා කීවේය.

“එතකොට මේ අවුරුද්දේ පඩි වැඩිවෙන්නෙ නැද්ද?“ මාධ්‍ය විමසනවිට ඇමතිවරයා කීවේ “ ඒක කියන්න බෑ. ලබන අයවැයට යෝජනාවක් විදිහට ඉදිරිපත් කරලා මේක ගැන සලකා බලන්න පුලුවන්.“

“එතකොට ගුරුවරු දිගටම වර්ජනය කරයි නෙ..“ මාධ්‍ය ප්‍රශ්න කළේය.

“ ඔව්… ඒක ඒ අයගෙ අයිතිය. අපට කරන්න දෙයක් නෑ. අපිට මේ වෙලාවෙ කිසිම දෙයක් කරන්න බෑ.“

-කිර්ති ප්‍රනාන්දු


No comments:

Powered by Blogger.