Header Ads

Breaking News
recent

සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කළැයි පොලිසිය පුද්ගලයකුට වෙඩි තියලා

කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොරකම් කළැයි කියන සැක කරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා තිබෙනවා.

පසුව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා පෙරේදා (01) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ ප්‍රගති මාවතේ පදිංචි තැනැත්තෙකි.

කළුතර සතොස ශාඛාවට පසුගිය (31) පැමිණ ඇති සැ කකරු රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොර්කම් කර ගෙන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගත් බවට එහි කළමනාකාරිනිය වන දන්කොලුවගේ රූපවතී යන අය දුරකථනයෙන් දකුණු කළුතර පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට සැකකරු සතොස පරිශ්‍රයෙන් පැන ඒ අසල ස්ථානයක සිට ඇත. පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිස් සැරයන් (55284) අල්විස් මහතාට බොතල් කටුවකින් ඇන ඇති බවත් එම අවස්ථාවෛ් එහි සිටි උප ​පොලිස් පරීක්ෂකවරයා මොහුගේ පාදයට වෙඩි තබා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඉන්පසු වෙඩි පහර කාගෙන පලා ගිය සැකකරු නාගොඩ ප්‍රගති මාවතේ පිහිටි නිවසේ සිටියදී ​පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

තුවාල ලැබූ පොලිස් නිලධාරියාද කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැ කකරු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා පෙරේදා (01) කළුතර නාගොඩ මහ රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කරන ලදී.

ලක්ඛිත විද්‍යාසේකර – කළුතර


No comments:

Powered by Blogger.