Header Ads

Breaking News
recent

ලංකාවේ අන්තිමයාටත් දෙන තෙක් එන්නත් එපා කිවු සජිත් එන්නත ගහගනී !

තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා කියා සිටී.

කොරෝනා ආසාදනයෙන් සුවපත්වූ පසු ඒ මහතා කියා සිටියේ මෙරට අවසාන පුද්ගලයා ද එන්නත ලබාගන්නා තෙක් තමන් එන්නත ලබා නොගන්නා බවයි.

ඔහුගේ ෆේස්බුක් සටහන මෙසේය.

”මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි”


No comments:

Powered by Blogger.