Header Ads

Breaking News
recent

ගෙවන්න ඩොලර් නෑ… අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1300ක් වරායේ හිරවෙති!

මෙරටට ආනයනය කරන ද අවශ්‍ය භාණ්ඩ ඇතුළු සහිත කන්ටේනර් 1300ක් පමණ කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ කියා සිටිති.

මාස තුනක පමණ කාලයක් තිස්සේ මේවා වරායේ ගොඩගැසී ඇතැයි පවසන ඔවුන් මේවා නිදහස් කර ගැනීමට බැංකුවලින් ඩොලර් නිදහස් නොකිරීම හේතු වී ඇතැයිද කියා සිටිති.

ආනයන කරුවන් හතළිහක් පනහක් පමණ ගෙන්වා ඇති භාණ්ඩ මාස කිහිිපයක් තිස්සේ ගොඩ ගැසී ඇති බවත් ඒවා නිදහස් කර ගැනීම ප්‍රමාද වීම නිසා ප‍්‍රමාද ගාස්තු පවා ගෙවන්නට සිදුවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන ජීවන වියදම් කැමතිව දී මේ සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු වන බවද සංගමයේ ප්‍රකාශක වරයෙක් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.