Header Ads

Breaking News
recent

විදුලිය-තෙල්-වරාය එකවර වර්ජනයකට සැරසෙයි! රටම හිරවෙයිද?

”කෙරවළපිටිය එල්.එන්.ජී. හෙවත් ස්වාභාවික වායු බලාගාර සංකීර්ණය සම්බන්ධයෙන් රජය ඇමෙරිකානු සමාගමක් සමග ගැසූ ගිවිසුම කෙසේ හෝ හකුළා නොගතහොත් දැඩි වෘත්තීය සමිති වර්ජනයකට සූදානම්” වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා අනතුරු හඟවයි.

මෙම ගිවිසුම කුමන තත්ත්වයක් යටතේ හෝ රජය විසින් හකුළා ගත යුතු බවත් එලෙස හකුළා නොගන්නේ නම් විදුලිය බෙදාහැරීම්, තෙල් බෙදාහැරීම්, වරායේ භාණ්ඩ බෑම, පැටවීම ආදිය සිදු නොකරන බවද හෙතෙම කියා සිටියේය.

මීට අදාළව තම සමිතිවලට යාමට ඇත්තේ වර්ජනයකට පමණක් බව ද ජයලාල් මහතා පැවසීීය

. කෙරවළපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වාභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් මෙරට සමග අවසන් ගිවිසුමකට එළඹුණු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නිවේදනය කිරීමෙන් පසු ඔහු මෙම වෘත්තීය සමිති මාධ්‍ය හමුව කැඳවා තිබිණ.


No comments:

Powered by Blogger.