Header Ads

Breaking News
recent

රටම හොල්ලපු නම් 55ක් තියෙන වැලිගම ආදාහනාගාරය විවෘත වෙයි!

පූර නැගුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියයක මුදලින් වැලිගම ප්‍රාදේශිය සභාව මගින් වැලිගම වරකපිටිය ප්‍රදේශයේ ඉදිකළ ආදාහනාගාරය සහ අවමංගල්‍යය ශාලාව පසුගියදා මහජන අයිතියට පත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන විරසිංහ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු , වැලිගම ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එජාප මන්ත්‍රීවරු , ඇතුළු පිරිස සහභාගි වූහ.

මේ පිළිබඳව සමාජ මාධයේ දැඩි විවේචන එල්ල වූයේ එහි නාම පුවරුවේ නම් 55 සඳහන් කර තිබිම නිසාය.

කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් පෙන්වා දෙන්නේ ජනතා මුදලින් කරන මේ වැනි ඉදිකිරිම්වලට තම නම දා ගැනිමට දේශපාලකයින් ලැජ්ජා විය යුතු බවයි.

තවද මෙහි ඉදිකිරීම් ආයතනයට සහ ඉංජිනේරු ආයතනයට ප්‍රාදේශීය සභාව සතු මුදලින් සමරු තිළිණ ලබාදිමට මෙතරමි උනන්දුවක් දැක්විම කෙරෙහි සමාජයේ මෙන්ම මාධ්‍ය ජාලා වෙබ් අඩවි හරහා දැඩි කතා බහට ලක් වූ සිද්ධියක් විය.


No comments:

Powered by Blogger.