Header Ads

Breaking News
recent

පැනඩෝරා ප‍්‍රශ්න කරන්න නිරූපමා අල්ලස් කොමිසමට නොඑයි.. අසනීපයි කියා දන්වයි..

පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම විසින් පසුගිය සඳුදා දිනයේ හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියට කැඳවීම් කර තිබින.

නමුත් ඇය එදින කොමිසම හමුවට නොපැමිණි අතර දන්වා තිබුණේ සෞඛ්‍යමය හේතු මත එදින කොමිසමට පැමිණිය නොහැකි බවයි.

තමන් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබන නිසා වෙනත් දිනයක් ලබා දෙන්නැයිද ඇය කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ අනුව ඇයට නැවතත් ඉතා ඉක්මනින් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්වීම් කරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කලේය.

No comments:

Powered by Blogger.