Header Ads

Breaking News
recent

විමල්ලා කැරලිකාරයෝ නෙමෙයි නාඩගම්කාරයෝ... දිගටම නාඩගම් නටන්න දෙන්න බෑ... ළඟදීම තීන්දුවක් ගන්නවා - ආණ්ඩුව සහතික වෙයි!

ආණ්ඩුව ඇතුලේ ඉදගෙන කැරලි ගහන නාඩගම්කාරයන්ට අකමැත්තෙන් වුණත් ඉදිරියේදී තීරණයක් ගන්න සිදුවනවා යැයි පර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රටේ ආර්ථික තත්ත්වය පහළ දැමීම සඳහා වෙනත් කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව ඇතුලේම ක්‍රියාත්මක වෙනවා,

ආණ්ඩුවේ දේශපාලන පක්ෂවල බෙදීම් පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුව තුළ කැරලිකාර කණ්ඩායම් සිටින බවට ප්‍රකාශ කළ ද එම පිරිස් කැරලිකාර කණ්ඩායම් නොව නාඩගම්කාරයන් බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම නාඩගම්කාරයන් මාස දෙකකට වරක් නාඩගමක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුව ඇතුළේ සිට එවැනි නාඩගම් නැටීමට ඉදිරියට ලබාදීමට නොහැකි බවත් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තුළ කිසිසිදු ඉඩක් දෙන්නේ නෑ.

එක්ව සාකච්ඡා කොට රට ගොඩ නැංවීම සඳහා ඉදිරිපත් වන ලෙස එම අයට ආරාධනා කරන කරන බව ද ඔහු කියා සිටියේය.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය සමෘද්ධි මූලස්ථානය එක්ව දඹුුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බංකටුව ප්‍රදේශයේ ඉදිකරන ලද වස විස නැති බොජුන් හල විවෘත කිරීම් සහ ගොවි ජනතාවට අවැසි භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.