Header Ads

Breaking News
recent

කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට?

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා. මේ හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපහසුතාවයකට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ.

මීට පෙර මාධ්‍ය වාර්තා මගින් වාර්තා වුණේ ප්‍රසන්න ගුණසේන මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමග ඇති කරගත් මතගැටුමක් බවත්ය .

සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව ඊයේ දින දක්වාම කෙහෙළිය රඹුක්වැල්ල පාර්ශ්වය ජය ගෙන ඇති බව පෙනෙන්නට තිබුණද ජනාධිපතිවරයා මේ සිද්ධියට මැදිහත් වීමත් සමග තත්වය වෙනස් වී ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ වාතාවරණයක් මතුව ඇති බවයි.

-අරුණ 


No comments:

Powered by Blogger.