Header Ads

Breaking News
recent

අහිතකර පොහොර නැව බලෙන් වරායට ඇතුළු කරන තැතක්.. ගෙන්වීම පසුපස ප‍්‍රබල නිලධාරියෙක්!

අහිතකර බැක්ටීරියා සහිත පොහොර නැව මෙරටට ගෙන්වීම පසුපස සිටිනුයේ ආණ්ඩුවේ ප්‍රබල නිලධාරියෙකුගේ ඥාති සහෝදරයකු යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එම පොහොරවල විෂ සහිත බැක්ටීරියා ඇතැයි ඔප්පු වී තිබියදී බලහත්කාරයෙන් නැව වරායට ඇතුළු කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පැවසීය.

මෙම නෞකාව මෙරටට ගෙන්වනු ලබන ලද කොන්ත්‍රාත්කරුවන්ට ටෙන්ඩර කරුවන්ට දඬුවම් කළයුතු බවද මන්ත‍්‍රීවරයා කියයි.

මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා කෘෂි කර්මාන්තය බිඳ වැටී ඇති බවත් රට තුළ සාගතයක් නිර්මාණ වෙන බවත් ඔහු කියා සිටියේය.

ගාල්ලේදී මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.