Header Ads

Breaking News
recent

විමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ - තිස්ස කුට්ටිආරච්චි

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවේ රැක ගැනීමට කටයුතු කරමින් සිටින ලෙසත් එසේ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් ආන්ඩුවේ සුළු පක්ෂවල නායකයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා දැනුම් දෙයි.

මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අය අද පාර්ලිමේන්තු පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂය නිසා බවද ඔහු පැවසීය.

වෙනත් කිසිම පක්ෂයක කිසිම අයෙකුට පොහොට්ටුව නම් සලකුණ නොතිබුනේ නම් පාර්ලිමේන්තුවට ඒමට නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඒ කිසිවෙකුට පොහොට්ටුව නොතිබුණානම් තනියෙන් තරග කර ජයග්‍රහණය කිරීමට නොහැකි වන බව ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.